කාන්තාවක් හා සැමියා බව කියන පුද්ගලයෙකු විසින් මාස අටක ගැබිණියකට පහරදීමේ පුවතක් කැගල්ල පැත්තෙන් අහන්න ලැබෙනවා. අනුරාධපුර ඇටවීරිගොල්ලෑව ප්‍රදේශයේ උපන් 18 හැවිරිදි මෙම ගැබිණි කාන්තාව දැනට ගලිගමුව ප්‍රදේශයේ පදිංචි බව සදහන් වන අතර පසුගිය වසරේදී අනුරාධපුර නගරයේ සුළු රැුකියාවක් කළ තරුණයෙකු සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබෙනවා.
පසුව ඇය සිය පේ‍්‍රමවන්තයාගේ ගලිගමුවේ පිහිටි නිවසට පැමිණ තිබෙන අතර ඉක්මනින් විවාහ වියයුතු බව ඇය කියා සිටියත් පේ‍්‍රමවන්තයා දිගින් දිගටම එය කල් දමා ඇති බව අනාවරණය වෙනවා.
එසේ සිටියදී ඇය ගැබිණියක් වූ බවද අනතුරුව සිය පෙම්වතාට විවාහය ගැන දැන්වූ පසු පෙම්වතා හා ඔහුගේ මව ඇයට අනුරාධපුරයට යන ලෙස පවසමින් පහර දෙන්නට පටන් ගත් බවද ඇය පවසා තිබෙනවා. පහරදීම් හේතුවෙන් රෝහල් ගතවූ ඇය කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.