අධික ලෙස බීමතින් නිවෙස තුළදී සිය දහතුන් හැවිරිදි දියණිය සමූහ ¥ෂණයට ලක් කළ බවට සැකපිට හිදෝගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා 17 අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පියකු සහ පුද්ගලයන් තිදෙනකු මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
දහතුන්වන වියේ පසුවන මෙම දැරියගේ මව මීට වසර කීපයකට පමණ ඉහතදී තම පියාගෙන් වෙන්ව වෙනත් නිවෙසක අනියම් සැමියකු සමග ජීවත් වන බවත් දැරිය සිය පියා සමග නිවෙසේ ජීවත්ව ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති දැරියගේ පියා තම හිතවතුන් සමග ඇතැම් දිනවල නිවෙසේදී මත්පැන් පානය කර ඇති අතර මීට දින කීපයකට පෙරද තම හිතවතුන් සමගින් සිය නිවෙසේදී මත්පැන් පානය කරන අතරතුර ඔවුන් විසින් දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කොට ඇත.
මොවුන් විසින් සිදු කළ බියගැන්වීම් නිසාවෙන් දැරිය මේ පිලිබදව කිසිවෙකුටත් පවසා නොමැති අතර සිය ඥාතියකුට ඇය මේ ගැන පැවැසීමෙන් අනතුරුව එම ඥාතියා විසින් අනුරාධපුර පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලිකර තිබෙනවා.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දැරියගේ ඥාතියා විසින් අනුරාධපුර පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ හිදෝගම පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිද්ධිය පිළිබද තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත දැරිය ඉදිරිපත් කොට සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී ඇය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව හෙළිවී තිබේ.