නැගණිය ගැබිනියක් කළ සොහොයුරා දිවි නසා ගනියි




පහළොස්‌ හැවිරිදි නැගණිය ගැබිනියක්‌ කළ බව කියන සොහොයුරෙකු පසුගියදා ගෙලවැලලා ගෙන මියගොස්‌ ඇති පුවතක් අක්‌මීමන ප්රදේශයෙන් වාර්තාවේ. 




මෙම පහළොස් හැවිරිදි දැරියගේ පියා ඔවුන් අතහැර ගොස් සිට ඇති අතර දැරිය සිය මව හා වැඩිමහල් සොහොයුරාද මවගේ දෙවැනි විවාහයේ සොහොයුරා සහ සොයුරියද සමගින් පෝද්දල ප‍්‍රදේශයේ වතුයායක නිවෙසේ පදිංචි වී ජීවත්ව තිබෙනවා. 

මෙම පහළොස් හැවිරිදි දැරිය ගැබ්ගෙන ඇති බවට ජාතික ළමාරක්‌ෂක අධිකාරියට ලැබුණ පැමිණිල්ලක්‌ මත පරීක්‌ෂණ පැවැත්වීම සදහා අක්‌මීමන පොලිසියේ නිලධාරීන් එම නිවසට ගොස් ඇති අතර ගැබ්ගත් දැරියගේ සොහොයුරා එයින් බියටපත් වී ගෙල වැලලාගෙන ඇත.

පසුව ඒ පිළිබඳවද ගැබ්ගත් දැරියගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ ඇගේ සොහොයුරා මීට මාස අටකට පමණ පෙර තමා ¥ෂණයට ලක්කළ බවත් මේ වන විට ඇයට මාස අටක ගැබක් ඇති බවත්ය.

තමා අතින් සිය නැගණිය ¥ෂණයට ලක් වු බව ඇය විසින් පොලිසියට පවසාවි යැයි බියට පත්වී ඇගේ සොහොයුරා මෙලෙස සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැක පළ කර ඇති අතර පොලිසිය විසින් මියගොස් සිටි තරුණයාගේ මළසිරුර වැඩිදුර විමර්ශන සදහා කරාපිටිය ශික්‍ෂණ රෝහලට භාරදී තිබෙනවා.

ගැබිනියක් බව කියන මෙම පහළොස් හැවිරිදි දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අක්මීමන පොලිසිය මේ පිලිබද වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.