වෙනත් පුද්ගලයෙකු විසින් තම බිරිඳගේ නිරුවත් සෙල්ෆි ඡුායාරූප සිය දුරකථනයට එවීම නිසා කෝප වු සැමියෙකු විදෙස් සේවය නිමවා නිවෙසට පැමිණි අවස්ථාවේම බිරිදට පහර දී තිබෙනවා. පසුව බිරිද මේ සම්බන්ධව පොලීසියට පැමිණිලි කර ඇති අතර සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිසිය කළ ප්රශ්න කිරීම වලදී 36 හැවිරිදි සැමියා ප්රකාශ කර ඇත්තේ තමන් දුක් මහන්සියෙන් විදෙස් ගතව සිය පවුල් ඒකකය ගොඩගැනීමට වෙර දරමින් සිටියදී දරුවන්ගේ මුහුණ බලා කතා බස් කිරීමට නවීන තාක්ෂණයෙන් යුත් දුරකතනයක් තම බිරිදට දුන් බවත් කල්ගත වනවිට බිරිද තමන් සමග එම දුරකථනයෙන් කතා කිරීම අඩු කළ බවත් ඒ අතරවාරයේ තමන් නොහඳුනනා තරුණයකු තමන්ට කතාකොට බිරිදට වෙනදා මෙන් කතා නොකිරීම පිළිබඳව ප්රශ්න කර සිටි බවත්ය.
දින කිහිපයකට පසුව එම තරුණයා තම බිරිදගේ නිරුවත් ඡුායාරූප තමාගේ දුරකතනයට එවූ බවද ඔහු විසින් පොලිසියට පවසා ඇති අතර එම තත්ත්වය යටතේ තම දරුවන් බිරිද සමග තනිකොට යෑම අවදානම් නිසා නැවැත විදෙස් ගත නොවීමටද තීරණය කළ බව හැඬූ කඳුළින් ඔහු පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් 34 හැවිරිදි බිරිදගෙන් කළ ප්රශ්න කිරීම් වලදී අදාළ සිද්ධිය තමන්ගේ නොදැනුවත් භාවය නිසා සිදුවූවක් බවත් කිසිදිනෙක එම තරුණයා දැක නැති බවත් රුපියල් ලක්ෂයක මුදලක් තමන්ට ලබා දෙන බවට වූ පොරොන්දුවක් නිසා තමන් නිරුවත් සෙල්ෆි ඡුායාරූප එම තරුණයාට යැවූ බවත් ඇය පවසා ඇත.
කෙසේ වෙතත් බිරිද කර ඇති වරද නිවැරැුදි කර දෙන්නේ නම් එම වරදට සමාව දී නැවැත දරුවන් වෙනුවෙන් සමගිව කටයුතු කිරීමට තමන් එකග වන බව සැමියා පවසා ඇති අතර පොලිසිය දෙදෙනාටම දැඩි සේ අවවාද කොට මෙම පවුල එක්කොට පිටත් කර ඇත.