නිවසක ලෑලි ගලවා නිදාගෙන සිටි කාන්තාවක්‌ දෙස බලපු තරුණයෙකු මාට්ටු





රාත‍්‍රියේදී නිවසක ලෑලි ගලවා එම නිවසේ දරු දෙදෙනා සමග නිදා සිටි කාන්තාවක්‌ දෙස බලමින් සිටි තරුණයකු කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස 9 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති අතර මෙම සැකකරු කළුතර යොන් වීදියේ පදිංචි 22 හැවිරිදි තරුණයකු බවට තොරතුරු වාර්තා වේ.

රාත‍්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස්‌ නිලධාරින් කණ්‌ඩායමක්‌ විසින් මෙම නිවස ආසන්නයේදීම සැකකරු ගමන් කළ යතුරුපැදියද සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව කළුතර දකුණ පොලිසියට භාරදී ඇත.

නිවසේ සිටි කාන්තාවගේ සැමියා තමන් අතහැර ගොස්‌ ඇති බවද මාස තුනක කාලයක සිට රාත‍්‍රි කාලයේදී පුද්ගලයකු මිදුලේ සක්‌මන් කරන හෙයින් බියෙන් සිටි බවද මෙම කාන්තාව විසින් පොලීසියට පවසා ඇති බව සදහන්ය.