නවාතැන් ගන්න නිවසට ආපු මිතුරා බිරිද එක්ක අනියම් පෙමින් වෙලී ඉද්දී සැමියාගේ අතටම මාට්ටු






සතියක පමණ කාලයක් නවාතැන් ගන්න නිවසට පැමිණි මිතුරෙකු ගෙහිමියාගේ බිරිද සමග අනියම් සබඳතාවක් ඇතිකර ගැනීමේ සිද්ධියක් දොම්පේ පැත්තෙන් අහන්න ලැබෙනවා. පසුගිය දිනක එම ප‍්‍රදේශයේ ව්‍යාපාර කටයුත්තකට පැමිණ ඇති මොහු සිය මිතුරාගේ නිවසේ නවාතැන් ගෙන තිබෙනවා.

නිවසේ හිමිකරු සහ නිවසේ නවාතැන් ගැනීමට පැමිණි පුද්ගලයා පාසල් කාලයේ සිටම මිතුරන් බව සදහන් වන අතර නිවසේ රැුදී සිටි කාලය අතරතුරදී සිය පාසැල් මිතුරාගේ බිරිද සමග පෙම් සබඳතාවක් ඇතිකරගෙන තිබෙනවා. 

සිය මිතුරා වු නිවසේ හිමිකරු රැුකියාව සදහා නිවසින් පිටව ගිය පසුව නිවසට පැමිණි තරුණයා හා බිරිද පේ‍්‍රමයෙන් වෙලී ඇති බව සදහන් වන අතර දිනක් තම රැුකියා ස්ථානයට අදාල ලියකියවිලි කිහිපයක් රැුගෙන යාම සදහා නිවසේ හිමිකරු එක්වරම නිවසට පැමිණ තිබෙනවා.

නිවසට පැමිණි ඔහුට නිවසේ නතර වීමට පැමිණි සිය මිතුරා තම බිරිද සමග යහන්ගතවී සිටින අයුරු දැක ගැනීමට ලැබී ඇති අතර එයින් කෝපයට පත් මොහු ,යකෝ උඹ මගේ ගෙදර නවතින්න ආවේ පෙම් කෙළින්නද, මම උඹලා දෙන්නවම මරලා දානවා, යනුවෙන් කෑගසමින් නිවසේ නවාතැන් ගැනීමට පැමිණි මිතුරාට පහර දී තිබෙනවා.

නිවසේ නවාතැන් ගැනීමට පැමිණි මිතුරා නිට්ටඹුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන් වන අතර අසලවාසීන්ගේ මැදිහත්වීමෙන් සිද්ධිය සමතයකට පත්කර තිබෙනවා.