ඒකයි උඹ අපෙන් ඉක්මනට ගියේ...රත්ගම ගාලු පාරේ දේවීගොඩ ප්‍රදේශයේ අද අලුයම සිදුවූ මෝටර් රථ අනතුරකින් තරුණයෙක් මියගොස් තිබෙනවා.වේගය පාලනය කරගත නොහැකි වූ මෝටර් රථය මාර්ගය අසල තිබූ දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි සැකපළකරන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කර තිබෙනවා.බරපතල තුවාල ලැබූ එක් තරුණයෙකු ගාල්ල කරාපිටිය රෝහල කරා රැඟෙන යමින් සිටියදී මෙලෙස මියගොස් ඇති අතර තවත් තරුණයන් දෙදෙනෙකු කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තා කරු ප්‍රකාශ කළේ.අනතුරෙන් බරපතල තුවාල ලබලා රෝහල් ගතකරද්දි ජීවිතේ දාලා ගිහින් තිබුණේ ගාල්ල කිතුලම්පිටියේ පදිංචි 26 හැවිරිදි ඔසඳ නම්වූ තරුණයෙක්.ඔසඳගේ යාලුවෝ දෙන්නටත් බරපතලයි. වාහලේ පදවාගෙන ආපු පුද්ගලයා පැනලා ගිහින්.ඔහු මත්පැන් පානය කරලා හිටියද කියන එක ගැනත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.ඔසඳ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.හිතුවෙවත් නැති විදිහට ජීවිතේ දාලා ගිය ඔසඳ ගැන එයාගේ යාළුවෝ ඉන්නේ ලොකු දුකකින්.ඒ් ගැන මුහුණු පොතේ හුගක් අය සටහන තබලත් තිබුණා.හික්කඩුව පැවති සාදයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදි තමයි මේ අවාසනාවන්ත අනතුර සිදුවෙලා තිබුණේ.