වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි 2 ක් තහනම් කරයි






වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි දෙකක් සිය රට තුල තහනම් කිරීමට රුසියා බලධාරීන් පියවර ගෙන තිබෙනවා.'


මෙම වෙබ් අඩවි දෙක ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති ඒවා බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

පසුගිය අගහරුවාදා අධිකරණ නියෝගයක් අනුව මෙම වෙබ් අඩවි දෙක තහනම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අනාවරණය කර ඇත්තේ අද දිනයේයි.

එමෙන්ම රුසියාව වැඩිහිටියන්ට පමණක් සීමාවූ වෙබ් අඩවි තහනම් කළ පළමු අවස්ථාව මෙය නොවන බවද සඳහන්.

රජය ගත් මෙම තීරණය සම්බන්ධයේ විවිධ පිරිස් රජයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

ට්විටර් පණිවුඩ ඔස්සේ ඔවුන් විමසා ඇත්තේ මෙම වෙබ් අඩවි තහනම් කරන්නේනම් විකල්පයක් හදුන්වා දෙන ලෙසටයි.

සැබෑ ජීවිතයේදී සහකරුවෙකු සෙයාගැනීමට කටයුතු කරන ලෙසට ඒවාට පිළිතුරු දෙමින් රජය ප්‍රකාශ කර තිබෙනවා.