අක්මීමන, හියාරේ, ඇටඹගස්මුල්ල ප්‍රෙද්ශයේ මව නිවසේ නැති දිනයක පාසල් නිවාඩු ලැබූ දෙසැම්බර් මස අවුරැුදු 15 දියණිය නිදා සිටි ඇද ලගට පැමිණි පියා දියණිය සිප වැළදගෙන ඇයව බිය ගන්වා ¥ෂණයට ලක්කිරීම හේතුවෙන් මාස දෙකහමාරක ගැබිණියක් කළ පියා අක්මීමන පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්තඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන පොලිස් වසමේ පදිංචි අයෙක් වන අතර දියණිය පියාට අවනත නොවීම හේතුවෙන් ඇයට පහර දී බිය ගන්වා ¥ෂණයට ලක්කර ඇති බව හෙලි වී ඇත.
මව නිවසේ නැති දිනයක සිද්ධිය සිදුවී ඇති අතර දියණිය දසව පුරා නිදා ගැනීමත් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මව දියණිය වෛද්‍යවරයෙක් වෙත කැදවා ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරයා දැරිය පරීක්ෂා කර බලා ඇය ගැබිණියක් බව පවසා ඇත.

අනතුරැුව අක්මීමන පොලීසියට පැමිණිලි කළ අතර පොලීසිය මගින් සැකකාර පියා අත්තඩංගුවට ගෙන ඇත. දියණිය හා සැකකාර පියා අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අක්මීමන පොලිස් ස්ථානාධිපති පො.ප. සමන් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි අක්මිමන පොල්සි කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති කා.උ.පො.ප. දර්ශිකා හේමමාලි ඩයස් මිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.