අධික ලෙස බීමත්ව සිය දහතුන් හැවිරිදි දියණිය නිවෙස තුළදී සමූහ ¥ෂණයට ලක් කළ බවට සැකපිට හිදෝගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (17දා* අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ හිදෝගම කුඩානෙළුබෑව ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි නරුම බේබදු පියකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා නියෝග කළේය.
මින් සැකකරුවන් දෙදෙනකු සිවිල් ආරක්ෂක බළකායේ භටයෙක් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් සේවකයෙකි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වින්දිත දැරියගේ පියා, අනුරාධපුර නගරයේ පුබුදුපුර පදිංචි අනුරාධපුර මහමෙව්නා උයනේ උද්‍යාන නඩත්තු කටයුතු සේවයෙහි නියුතු සිවිල් ආරක්ෂක භටයෙක් සහ හිදෝගම, කුඩානෙළුබෑවේ පදිංචි අනුරාධපුර රණසේවාපුර යුද හමුදා කඳවුරේ සේවයෙහි නියුතු සිවිල් සේවකයෙකි.
වින්දිත දැරියගේ මව මීට වසර කීපයකට පමණ පෙර තම පියාගෙන් වෙන්ව වෙනත් නිවෙසක අනියම් සැමියකු සමඟ ජීවත් වන බවත් මේ නිසා දැරිය සිය පියා සමඟ නිවෙසේ ජීවත්ව ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති දැරියගේ පියා තම හිතවතුන් සමඟ ඇතැම් දිනවල නිවෙසේදී මත්පැන් පානය කර ඇති අතර ඒ අනුව මීට දින කීපයකට පෙරද සැකකාර පියා ඉහත කී සැකකරුවන් දෙදෙනා සමඟ සිය නිවෙසේදී මත්පැන් පානය කරන අතරතුර ඔවුන් විසින් දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කොට ඇත.
සැකකරුවන් විසින් සිදු කළ බියගැන්වීම් නිසා දැරිය මේ සම්බන්ධයෙන් ඇය ඉගෙනුම ලබන පාසලේ කිසිවකුට හෝ අසල්වාසීන්ට හෝ පවසා නොමැති බවත් අනුරාධපුර විජේපුර ප්‍රදේශයේ පදිංචි සිය ඥාතියකුට ඇය මේ බව පැවැසීමෙන් අනතුරුව එම ඥාතියා විසින් අනුරාධපුර පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ හිදෝගම පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී ඇය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව හෙළිවී තිබේ.