2016 ඵසිි ඡුයදඑදටැබසජ කිරුළ දිනාගත් යමීෂා රසාදි ජාත්‍යන්තරයට (ඡුායාරූප*




2015 සිරස කුමරිය තරඟයෙන් නිරූපණ ක්ෂේත‍්‍රයට පැමිණි යමීෂා රසාදි 2016 පැවති ඵසිි  ෂබඑැරජදබඑසබැබඒක තරඟයෙන් ඵසිි ඡුයදඑදටැබසජ කිරුළ දිනාගත් ඇය මෙවර රටවල් ගණනාවක් අතරින් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඵසිි ඡුරදටරුිි ෂබඑැරබ්එසදබ්ක 2016 තරඟය සඳහා සූදානම් වෙමින් සිටිනවා. පහතින් දැක්වෙන්නේ ඨදිිසච ක්‍ය්එ සමඟ ඇය දැක්වූ කතාබහයි.

ඔබ ගැන කියන්නකෝ මුලින්ම අපිට
මගේ නම යමීෂා රසාදි ලියනආරච්චි. මම අධ්‍යාපන ලැබුවේ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ. අපේ පවුලේ අම්මයි, තාත්තයි, නංගියි මමයි විතරයි ඉන්නේ.

එතකොට ඔබ ඉතාලියේ සිටියේ කොයි කාලේද?
එතකොට මම හුඟාක් පුංචි. මට මතක විදියට 1998 දී ඉතාලියට ගියේ. එහෙ තමයි මගේ කුඩා කාලය ගත කරන්න වුණේ. මම ලංකාවට පැමිණෙන්නේ 2005 වර්ෂයේදී. පසුව තමා මම උසස් පෙළ දක්වා ලංකවේ ඉගෙන ගත්තේ.

හොඳයි, ඔබ මේ ක්ෂේත‍්‍රයට පැමිණි කාලය ගැන විස්තරයක් කරමු
එය පටන් ගන්නේ 2015 සිරස කුමරිය තරඟයට පැමිණීමෙන් පසුවයි. පස්සේ මම 2016 පැවති ඵසිි  ෂබඑැරජදබඑසබැබඒක තරඟයට සහභාගී වුණා. එයින් මම ඵසිි ඡුයදඑදටැබසජ කිරුළ දිනාගත්තා. මේකෙන් තමා ක්ෂේත‍්‍රයේ ලොකු පියවරක් තබන්න මට හැකි වුණේ.

ඔබ මේ දවස් වල මොකද කරන්නේ?
මම ඵසිි ඡුරදටරුිි ෂබඑැරබ්එසදබ්ක 2016 තරඟය සඳහා සූදානම් වෙමින් සිටිනවා.



මොකක්ද මේ තරඟයේ විශේෂත්වය?
මේ තරඟය පැවැත්වෙන්නේ ඉතාලියේ පූල්‍යා නගරයේ. මේ තරඟය සඳහා ලෝකයේ රටවල් විශාල ප‍්‍රමාණයක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. එත් ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රථම වතාවට මම තමයි මේ සඳහා රට නියෝජනය කිරීමට වාසනාවන්ත වුනේ. මගේ රට නියෝජනය කිරීමට ලැබීම ඇත්තටම මට ලොකු ආඩම්බරයක්.

කවදද තරඟය පැවැත්වෙන්නේ?
මේ මාසේ 23 වෙනිදා ඉඳන් ඔක්තෝම්බර් 02 වෙනිදා වෙනකන් මේ තරඟය පැවැත්වෙනවා.

කොහොමද මම අවස්ථාව ඔබට හම්බවුනේ?
ඊදිඑදබ ඛ්බන් ඵැාස් භැඑඅදරන හි අධිපති ක්‍යසඑර්ක ෘැ ඵැක මහත්මයා තමයි මාව මේ සඳහා භදපසබ්එැ කළේ. ඵසිි  ෂබඑැරජදබඑසබැබඒක තරඟයේ ඵසිි ඡුයදඑදටැබසජ කිරුළ දිනා ගැනීමත් සමඟ තමයි මට මේ සඳහා අවස්ථාව ලැබුණේ. ඒ වගේම මම පොඩි කාලේ ඉගෙන ගත්තේ ඉතාලියේ වීමත් මීට හේතුවක් වුනා.

ඨදිිසච ක්‍ය්එ අපිත් ඔබට මේ තරඟය සඳහා සුබපතනවා. ඔබ මෙමඟින් ලංකාවට කීර්තියක් ගෙන ඒවි කියල අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට මේ සඳහා උදවු වුන අය වෙනුවෙන් ස්තුති කිරීමට ඇති. මේ අවස්ථාව ඔබට
ඇත්තෙන්ම ඔව්. ඊදිඑදබ ඛ්බන් ඵැාස් භැඑඅදරන හි අධිපති ක්‍යසඑර්ක ෘැ ඵැක මහත්මයාටත්, නිරූපණය ගැන මුල සිට කියා දුන් ෘසබැිය ක්‍ය්බාර්ිැබ් මහත්මයාටත්, මෙහිදී මගේ ක්‍දිඑමපැි කළේ ඨදමසබාම ෘ්ිමබ මහත්මයටත් මගේ ස්තූතිය පළකරනවා. විශේෂ ස්තූතිය මගේ දෙමව්පියන්ටත්, මගේ තාත්තා ඉතාලියේ සිටීම මට ලොකු පිටුවහලක් වුනා. ඒ වගේම ඨදිිසච ක්‍ය්එ එකට මාව එකතු කරගත් ඨදිිසච ඛ්බන් සියලූ‍ දෙනාටත්, නන් අයුරින් මට උදවු කළ සියලූ‍ දෙනාටමත් ස්තූතිය පළ කරනවා.